Archives

No archives to show.

Categories

  • No categories

About Us

අප ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ පොලිසියට සහ ආරක්ෂක සේවාවන්ට පමණක් නොවේ.  ආරක්ෂාව, අප සැමගේ ද වගකීමකි.  එම වගකීම ඉටු කළ හැකි හොඳම මාර්ගය, පවත්නා තර්ජනයේ මට්ටම පිළිබඳ ඇති දැනුවත් භාවය අනුව, අපේ ක්‍රියාමාර්ග හා ක්‍රියාකාරකම් හරහා ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු කිරීමයි.  මේ මොහොතේම වෙබ් අඩවියට පිවිස, ඒ ගැන දැන්ම දැනුවත් වන්න.       

සරලව කියතොත්, ත්‍රස්තවාදය යනු, මහජනතාව තැති ගැන්වීමේ ක්‍රියාමාර්ගයක් (දැඩි ප්‍රචණ්ඩකාරී හෝ හානිකර වූ) යොදා ගැනීමක් හෝ යොදා ගැනීමේ තර්ජනයක් පැවතීම වේ.  එසේ යොදා ගැනීම හෝ  යොදා ගැනීමේ තර්ජනයක් කරන්නේ, යම් පුද්ගලයකුගේ හෝ යම් කණ්ඩායමක හෝ දේශපාලනමය, ආගමික, ජාතිවාදී හෝ මතවාදී අදහස් ඉටු කරගැනීමේ අරමුණ ඇතිව ය.        

ත්‍රස්තවාදයේ සහ වෙනත් ආකාරයේ අන්තවාදයන්ගේ තර්ජනයන්ට දිගින් දිගටම විෂය වෙමින් පවතියි.  

ත්‍රස්තවාදීන්ගේ සිත්ගත් ඉලක්ක වන්නේ සාප්පු සංකීර්ණ, අමුත්තන්ගේ ආකර්ශනය දිනාගත් ස්ථාන, සහ ප්‍රවාහන මධ්‍යස්ථාන ඇතුළු සෙනග ගැවසෙන ස්ථාන ආදියයි.  හේතුව, ඒවා පෙනන්නේ ආරක්ෂණය පිළිබඳ ආරක්ෂක පියවර සීමිත වූ ස්ථාන වශයෙන් වීමයි.  එවැනි ස්ථාන වලදී, පුද්ගලයින් බොහෝ දෙනෙකුට හානි කිරීමේ වැඩි අවස්ථාවක් ඔවුන්ට ලැබේ.  

ත්‍රස්තවාදියකුගේ මෙහෙයුම් ක්‍රමවේදය ක්‍රමානුකූල ය.  බොහෝ විට එය, ඕනෑම සාපරාධී ව්‍යාපාරයක් කටයුතු කරන ආකාරයට බෙහෙවින් සමානය.  ත්‍රස්ත ප්‍රහාර සැලසුම් චක්‍රය (Terrorist Attack Planning Cycle) පටන් ගන්නේ ඉලක්කය තෝරා ගැනීමත් සමගයි.     

ඊළඟට එන්නේ සැලසුම්කරණ අදියරයයි.  එහිදී, අවදානමට ලක් විය හැකි අය සහ ආරක්ෂාවේ මට්ටම හඳුනාගැනීමට අවැසි තොරතුරු එක්රැස් කෙරෙයි.  ප්‍රහාරයට ගැළපෙන ක්‍රමවේදය දැන ගැනීමට ලැබෙන්නේ එමගිනි.  අවශ්‍ය නම්, සැබෑ ප්‍රහාරයට පෙර, පුහුණුවීම් හා පෙරහුරු පැවැත්වීම් ද සිදු කෙරෙයි.         

අවසානයේ දී, අවස්ථාවක් ලැබුණොත්, සිය ප්‍රහාරයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට ද ත්‍රස්තවාදීන් කටයුතු කරනු ඇත.  ඔවුන් බොහෝ විට එහිදී යොදා ගන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍යයන් ය.