අප ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ පොලිසියට සහ ආරක්ෂක සේවාවන්ට පමණක් නොවේ. ආරක්ෂාව, අප සැමගේ ද වගකීමකි. එම වගකීම ඉටු කළ හැකි හොඳම මාර්ගය, පවත්නා තර්ජනයේ මට්ටම පිළිබඳ ඇති දැනුවත් භාවය අනුව, අපේ ක්‍රියාමාර්ග හා ක්‍රියාකාරකම් හරහා ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු කිරීමයි. මේ මොහොතේම වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වී, ඒ ගැන දැන්ම දැනුවත් වන්න.
මෙම පාඨමාලාවේ දී, සැක කටයුතු හැසිරීම් හඳුනා ගන්නා අයුරු සහ ගත යුතු ක්‍රියාමාර්ග, සැක කටයුතු අයිතමයක් ගැන ක්‍රියා කළ යුතු අයුරු, සහ බෝම්බ පිළිබඳ තර්ජන වලට ප්‍රතිචාර දැක්විය යුතු අයුරු වෙත ඔබේ සැලකිල්ල යොමු කෙරෙයි. අවසානයේ දී, සිදුවීමට ඉතාමත් අඩු ඉඩකඩ ඇති, ගිනි අවි හෝ ආයුධ යොදාගත් ප්‍රහාරයක දී, ඔබගේ සහ අනෙක් අයගේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න ඔබට ඉගෙනගත හැකියි.